ACT ප්‍රාන්තයේ 190 සහ 491 වීසා කාණ්ඩවල ඉතිරි කෝටා විස්තර මෙන්න

ACT ප්‍රාන්තයේ 2022-23 වසර සඳහා වන  Skilled Visa වැඩසටහනට අදාළ නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

190 වීසා කාණ්ඩය යටතේ 800 දෙනෙකුටත් – 491 වීසා කාණ්ඩය යටතේ 1920 දෙනෙකුටත් මෙවර ස්ථිර පදිංචිය පිරිනමන බවයි ප්‍රාන්ත රජය මීට පෙර නිවේදනය කලේ.

ඒ අනුව පසුගිය 13 වනදා වනවිට 190 වීසා කාණ්ඩය සඳහා අයදුම්පත්‍ර 183 ක් ලැබී තිබූ අතර ඉන් 155 කට අනුමැතිය ලැබී තිබෙනවා.

අයදුම්පත්‍ර 28 ක් ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන්.

491 වීසා කාණ්ඩය යටතේ අයදුම්පත් 325 ක් ලැබී තිබූ අතර ඉන් 269 කට අනුමැතිය ලැබී 56 ක් ප්‍රතික්ෂේප වුණා.

ඒ අනුව ඉදිරි වසර සඳහා 190 කාණ්ඩයෙන් තවත් 645 දෙනෙකුටත් 491 වීසා කාණ්ඩයෙන් 1651 දෙනෙකුටත් අවස්ථාව පවතිනවා.

Canberra Matrix ක්‍රමය යටතේ 190 වීසා කාණ්ඩයෙන් විදෙස් අයදුම්කරුවන් 11 කටත් 491 වීසා කාණ්ඩයෙන් විදෙස් අයදුම්කරුවන් 117 කටත් ආරාධනා පත්‍ර යවා ඇති බවයි ප්‍රාන්තය නිවේදනය කලේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »