කංසා නීතිගත කිරීමේ යෝජනාවක් NSW පාර්ලිමේන්තුවට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කංසා අලෙවිය නීතිගත කිරීමේ යෝජනාවක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ග්‍රීන්ස් පක්ෂය සූදානම් වනවා.

කෙසේවෙතත් පුද්ගලික භාවිතය සඳහා කංසා අලෙවිය තවදුරටත් තහනම් වන අතර ඖෂධමය සහ වෙනත් එවැනි කරුණු සඳහා පමණක් කංසා භාවිත කල හැකි වනු ඇති.

මේ සඳහා අධිකරණ අවසරය අපේක්ෂා කරන බවත් ග්‍රීන්ස් පක්ෂය සඳහන් කරනවා.

ඔස්ටේ‍රලියාව තුළ දැනට කංසා නීතිගත කර ඇත්තේ ප්‍රාන්තයේ පමණයි.

කෙසේවෙතත් අමෙරිකාවේ ප්‍රාන්ත රැසක – කැනඩාව – තායිලන්තය සහ උරුගුවේ යන රටවල දැනටමත් එය නීතිගත කර අවසන්.

ශ්‍රී ලංකාව තුළද අපනයනය සඳහා කංසා භාවිතය නීතිගත කල යුතු බවට මේ වනවිට දැඩි කථාබහක් නිර්මාණය වී තිබෙනවා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »