ලංකාවට උපරිම සහය දෙන බව ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස් කියයි

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව මෙරට ඕස්ටේ්‍රලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන් බැහැ දැකීමෙන් අනතුරු ව අද (22) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ඔස්ටේ්‍රලියාව විසින් පිරිනැමීමට එකගවූ මානුෂීය ආධාර තොගයේ පළමු කොටස ඊයේ දිවයිනට ළගාවුණා.

ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 22 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 15 ක් වටිනා ආහාර තොගයකුයි මෙලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ.

ඒවා කඩිනමින් අවශ්‍යතා සහිත පවුල් වෙත බෙදා හැරීමට නියමිතයි.

සහල් මෙට්‍රික් ටොන් 600 ක් – ආහාර පිසින තෙල් සහ තවත් ආහාර ඇතුළත් දෙවන ආධාර තොගය ඉතා නුදුරේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

කොළඹ සිටින ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් පවසන්නේ දෙරට අතර වසර 75 ක මිත්‍රත්වය සළකා මෙම ආධාර ශ්‍රී ලංකාවට පිරිනමන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »