වයින් ස්ටෝර්ස් ගැන ඩයනාගෙන් ආන්දෝලනාත්මක කථාවක්

වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු යැයි ද  සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයැයි ද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

රට ඉදිරියට ගෙනයන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍ය  බවද ඩයනා ගමගේ මහත්මිය කීවාය.

පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ :

කංසා කියන්නේ පාරවල් දිගේ බිබී ඇවිදින දෙයක් නෙමේ .මම කතා කතාකරන්නේ විදේශ විනිමය ගැනයි. වෙනස් දේවල් ටිකක් ගැනයි. මම කතා කරන්නේ වෙනත් පැත්තක් ගැනයි.

කංසා ශාකය වගා කරන්න නීතියක් අවශ්‍ය නැහැ.කංසා වලට තියෙන්නේ  අවුරුදු 6000 සිට එන සංස්කෘතියක්. 2500ක ඉතිහාසයක් නොවේ.

රාවණා කාලයේ ඉඳන් ඒක තිබුණා.

අද බුදුහාමුදුරුවෝ මෙහෙට වැඩම කරලා හිටියා නම් මේ රට ගැන මොනවා කියයිද දන්නේ නැහැ.මම “නයිට් ලයිෆ්” ගැන කතා කළා.නයිට් ලයිෆ්” කියන්නේ ගණිකා වෘත්තිය නොවේ. ඊට එහා ගිය දේවල් ටිකක් තිබෙනවා. රෑ තිස්සේ මිනිසුන්ට දරුවන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. ඒ කිසිම දෙයක් අපේ රටේ නැහැ. හොරෙන් හොරෙන් හැමදේම කෙරෙනවා. මොකද්ද සදාචාරය මේ රටේ.කාන්තාවකට නිගා කරන එක ද සදාචාරය ද?

රෑ වෙන තුරු වයින් ස්ටෝස් ටික ඇරලා තියන්න ඕන.රෑ නවයට වයින් ස්ටෝස් වැහුවාම  මිනිස්සු රජයට බදු නොදී පස්ස දොරෙන් අරක්කු විකුණනවා.

එමෙන්ම සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයි.මේ රට ඉදිරියට යන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍යයි.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »