රැජිණ වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව අද නිහඩ වෙයි

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් අද දිනය (22) ඔස්ටේ‍රලියාව තුළ ජාතික ශෝක දිනයක් සහ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් පැවසුවේ ඔස්ටේ‍රලියානුවන්ට රැජිණ වෙනුවෙන් ඔවුන්ගේ කණගාටුව පළකිරීම සඳහා මෙම අවස්ථාව ලබාදෙන බවයි.

ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇති අද (22) දිනයේදී ඔස්ටේ්‍රලියාව පුරා විනාඩියක නිහඩතාවයක් අනුගමනය කිරීමට ෆෙඩරල් රජය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පෙරවරු 11 ට එම නිශ්ශබ්දතාවය අනුගමනය කරන ලෙසයි සියලුම ප්‍රාන්ත රජයන් වෙත දන්වා ඇත්තේ.

රජයේ ගොඩනැගිලි සහ කාර්යාලවල ඔස්ටේ‍රලියානු ජාතික කොඩිය අඩකුඹු කර තැබීමටද නියමිතයි.

කෙසේවෙතත් ආණ්ඩුකාර ජනරාල්වරයාගේ මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ ධජයන් පූර්ණව ඔසවා තැබෙනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »