ඔස්ටේ්‍රලියා යන වනිඳු ගැන මුරලිගෙන් අනාවැකියක්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වනිඳු හසරංග පිතිකරුවන්ට හිසරදයක් වනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඉන්දියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් මේ බව සඳහන් කර තිබේ.

මේ දිනවල ඉන්දියාවේ පැවත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට මුත්තයියා මුරලිදරන් එක්වී සිටින අතර එම තරගාවලිය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර තිබුණි.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පාදඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත්විය හැකි බවද මුරලිදරන් එහිදී සඳහන් කර තිබේ.

එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ,

“ඕස්ට්‍රේලියාවේ දී වැඩි වශයෙන් ලබාගත හැකි පන්දුවේ ඉලිප්පීම නිසා පිටදඟපන්දු යවන්නට වඩා, පාදඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත් වේවී.

ඒ නිසා මම හිතන්නේ හසරංගගේ පන්දුවලට මුහුණ දීම පිතිකරුවන්ට තරමක් අපහසුවෙන් කරන්න සිදු වේව්, පිතිකරුවන් ඔහුගෙන් ආරක්ෂාවීමට වගබලා ගත යුතුයි.

හැබැයි ඔහුගේ පන්දුවලටත් හොඳින් මුහුණ දෙන පිතිකරුවන් නැතුවාම නෙවෙයි.”

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »