ෂේන් වෝන් ගේ චිත්‍රපටයට පවුලෙන් දැඩි විරෝධයක්

මාස කිහිපයකට පෙර මියගිය ඔස්ටේ්‍රලියා සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් ගේ ජීවිත කතාව අදළලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි විරෝධය පළකරනවා.

ඔහුගේ වැඩිමහල් දියණිය පැවසුවේ එම සැලසුම සිය පියාට කරන විශාල අගෞරවයක් බවයි.

නයින් නෙට්වර්ක් මාධ්‍ය ජාලය විසින් මෙම ටෙලි චිත්‍රපටය නිර්මාණය කිරීම ආරම්භ කර තිබෙනවා.

ෂේන් වෝන් වසර 20 කට ආසන්න කාලයක් එම මාධ්‍ය ජාලයේ නිවේදකයෙකු ලෙස ද කටයුතු කරනු ලැබුවා.

අධියර 02 කින් සමන්විත මෙම නිෂ්පාදනය වෝර්නි ලෙස නම්කර ඇති අතර නිෂ්පාදකයන් පවසන්නේ මෙම චිත්‍රපටය ෂේන් වෝන්ට උපහාරයක් බවයි.

පසුගිය මාර්තු මාසයේදී තායිලන්තයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටින අතරතුරදී ඇතිවූ හෘදයාබාධයකින් ෂේන් වෝන් මරණයට පත්වන විට 52 හැවිරිදි වියෙහි පසුවුණා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »