කොවිඩ් හමුවේ බිඳවැටුණු ඔස්ටේ්‍රලියානුවන්ගේ මානසික මට්ටම් යළි ඉහළට

කොවිඩ් වසංගතය හමුවේ බිඳ වැටී තිබූ ඔස්ටේ්‍රලියානුවන්ගේ මානසික සෞඛ්‍යය ක්‍රමිකව වැඩිදියුණු වී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලයේ නව විශ්ලේෂණයකිනුයි එම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

වයස අවුරුදු 18 ත් 24 අතර තරුණ තරුණියන් ජීවිතය සහ අනාගතය ගැන වඩාත් සුබවාදීව සිතන බව මෙහිදී හෙළිවී තිබෙනවා.

වයස අවුරුදු 45 ත් 64 ත් අතර ඔස්ටේ්‍රලියානුවන් හා සසඳන විට තරුණ ප්‍රජාව අඩු මානසික පීඩාවක් අත්විඳින බව පර්යේෂණයෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර කොවිඩ් වසංගතයේ අවසානයක් පෙන්නුම් කරමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කලා.

සැප්තැම්බර් 11 න් අවසන් වූ සතිය සඳහා නව කොවිඩ් රෝගීන් 28% කින් හා මරණ සංඛ්‍යාව 22% කින් අඩු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.

2020 මාර්තු මාසයේ සිට සතිපතා වාර්තා වූ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »