ලංකාවට ආධාර දීම ඉන්දියාව නවතා දමයි

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට අදහස් නොකරන බව ඉන්දියාව පවසනවා.

මෙම වසරේදී මේ දක්වා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති මුදල ඩොලර් බිලියන 04 කට ආසන්නයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් මූලික ණය ගිවිසුමකින් පසු ශ්‍රී ලංකාවේ අර්බුදකාරී ආර්ථිකය ස්ථාවරවීමට පටන් ගන්නා බැවිනුයි ඉන්දියාව මෙම ස්ථාවරය ගෙන ඇත්තේ.

මේ වසර තුළ දී ශ්‍රී ලංකාවට වැඩිම ආධාර ප්‍රමාණයක් සපයා ඇත්තේ ද ඉන්දියාව විසිනුයි.

ආනයන සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සහාය වූ රට ද ඉන්දියාවයි.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 ක සහායක් මේ වන විට ලබා දී තිබෙන බවත් රටක් ලෙස සහාය තවදුරටත් නොකඩවා ලබාදීම කළ නොහැකි බවත් ඉන්දියානු රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මෙම වසරේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8.4 කින් පසුබා තිබෙනවා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »