මාස 10 කට පසු ඔස්ටේ‍රලියාවේ විරැකියා අනුපාතය ඉහළට

මාස 10 කට පසු ඔස්ටේ‍රලියාවේ විරැකියා අනුපාතය ඉහළගොස් තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවේ දැක්වෙන්නේ ජූලි මාසයේ සියයට 3.4 ක් ලෙස පැවති විරැකියා අනුපාතය අගෝස්තු මාසයේ දී සියයට 0.1 කින් වැඩිවී ඇති බවයි.

2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පැවති ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය මාස 10 කට පසු ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වනවා.

අගෝස්තු මාසයේදී නව රැකියා 33,500 ක් නිර්මාණය වි ඇතත් රැකියා අපේක්ෂාවෙන් සිටි පිරිස ජූලි මාසයට වඩා ඉහළයාමකුයි පෙන්නුම් කර ඇත්තේ.

මේ අතර කොවිඩ් ඇතුලු විවිධ රෝගාබාධ හමුවේ ඔස්ටේ්‍රලියානුවන් 760,000 ක් පමණ සතිපතා රැකියා කරන පැය ගණන අඩුවී ඇති බවටද තහවුරු වී තිබෙනවා.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »