තවත් බැංකුවක් පොළී අනුපාත ඉහළ දමයි

නිවාස පොළී අනුපාතය සියයට 0.5 කින් ඉහළ දැමීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන බැංකු 04 න් එකක් වන Westpac බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ පසුගිය සතියේදී ෆෙඩරල් සංචිත බැංකුව සිදුකල පොළී අනුපාත ඉහළ දැමීමට සමගාමීවයි.

අනෙක් ප්‍රධාන බැංකු 03 වන කොමන්වෙල්ත් බැංකුව – NAB සහ ANZ විසින් පසුගිය සිකුරාදා දිනයේදී පොළී අනුපාත ඉහළ දමන බව නිවේදනය කරනු ලැබුවා.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ Cash rate අගය වසර 09 කට පසු ඉහළ අගයම සටහන්වී ඇත්තේ සියයට 2.35 ක් ලෙසයි.

මේ අතර ඔස්ටේ්‍රලියාව තුළ ඉන්ධන මිළ ගණන් පසුගිය සතියට සාපේක්ෂව සියයට 1 කින් පමණ පහළ ගොස් ඇති බවයි වෙළඳපොළ වාර්තාවල දැක්වෙන්නේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »