රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 දා ලන්ඩනයේ දී

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 සඳුදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙනවා.

දේහය ලබන අඟහරුවාදා ලන්ඩනයට ගෙන යාමට පෙර ඉරිදා බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝ වෙත ගෙන යනු ඇති.

පසුව බදාදා සිට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේ උදෑසන දක්වා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දේහය තැන්පත් කර තැබීමට නියමිතයි.

මේ අතර මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ රාජකීය නිවස වන හෝලිරූඩ් හවුස් වෙත රැගෙන යාමට නියමිත බවද සඳහන්.

ස්කොට්ලන්තයේ එඩින්බරෝහි හෝලිරූඩ් හවුස් හිදී මහ රැජිනට ගෞරව දැක්වීමට රාජකීයයන්ට අවස්ථාව හිමිවනවා.

ඉන් අනතුරුව ඇයගේ දේහය ශාන්ත ගයිල් දේවස්ථානයට රැගෙන යන අතර, පසුව රාජකීය දුම්රිය මගින් හෝ විශේෂිත ගුවන් යානයක් මගින් මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවර දක්වා රැගෙන ඒමට නියමිතයි.

ලන්ඩන් නුවරදී දේහය තැන්පත් කිරීමට නියමිතව ඇත්තේ වසර 1000කට අධික පෞරාණික වටිනාකමකින් යුත් වෙස්මිනිස්ටර් ශාලාවේයි.

මහ රැජිනගේ ස්වාමියා වූ පිලිප් කුමරුගේ දේහය මිහිදන් කර ඇති සොහොන් කොත පසෙකින් මහ රැජිනගේ දේහය මිහිදන් කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »