
අද දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ගාස්තු අය නොකිරීමට තීරණය වී තිබෙනවා.
ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ පැවසුවේ බ්‍රිතාන්‍යයේ 03 ව චාර්ල්ස් රජුගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයක් නැරඹීමට පැමිණීමට ප්‍රාන්තවාසීන්ට අවස්ථාව සළසා දීම එහි අරමුණ බවයි.
සිඩ්නි හි පාර්ලිමේන්තු මන්දිරය අසලදී අද දහවල් 12.30 ට එය ආරම්භ වනු ඇති.

ඔස්ටේ්රලියාවේ ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි ද මීට සහභාගී වීමට නියමිතයි.
මෙම උත්සවය හේතුවෙන් පෙරවරු 09 සිට පස්වරු 03 දක්වා සිඩ්නි නගරයේ ආරක්ෂාව තර කර තිබෙනවා.
