ඔස්ටේ්‍රලියාව ජනරජයක් විය යුතු බවට යළිත් කතිකාවතක්

ඔස්ටේ්‍රලියාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉවත්ව ජනරජයක් බවට පත්විය යුතු කතිකාවත 02 වන එළිසබෙත් රැජිණගේ අභාවයත් සමග නැවත කරළියට පැමිණ තිබෙනවා.

ස්වාධීන රජයක් සහ අග්‍රාමාත්‍යවරයෙකු සිටියද ඔස්ටේ්‍රලියාව – කැනඩාව – නවසීලන්තය ඇතුලු රටවල් 15 ක් තවමත් සිය රාජ්‍ය නායකයා ලෙස සළකන්නේ බ්‍රිතාන්‍යයේ රජකමට පත්වන තැනැත්තා හෝ තැනැත්තියයි.

ඔස්ටේ්‍රලියා ආණ්ඩුකාර ජනරාල්වරයා පත් කරනුයේ රජුගේ හෝ රැජිණගේ නියෝජිතයා ලෙස වන අතර පාලන තන්ත්‍රයේ වෙනස්විම් – ඇමති ධුර සංශෝධන ඇතුලු සියල්ල ඔහුගේ අනුමැතියට යටත්විය යුතුයි.

මෙම තත්වයෙන් මිදී ස්වාධීන ජනරජයක් බවට පත්විය යුතු බවට දීර්ඝ කාලයක සිට කතිකාවතක් පවතින අතර ඊට පක්ෂව සහ විපක්ෂව අදහස් දැක්වීම් දැකගත හැකි වනවා.

1999 වසරේදී මේ පිළිබඳ ජනතා මතය විමසීම සඳහා ජනමත විචාරණයක්ද පැවති නමුත් එහිදී බහුතරයක් පවසා තිබුණේ තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ සිටිය යුතු බවටයි.

කෙසේවෙතත් රැජිණගේ අභාවයත් සමග එම මාතෘකාව නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

ග්‍රීන්ස් පක්ෂයේ නායක ඇඩම් බෑනඩ් පැවසුවේ ඔස්ටේ්‍රලියාවට ජනරජයක් බවට පත්වීමට සුදුසුම කාලය එළැඹ ඇති බවයි.

කෙසේවෙතත් මෙම අවස්ථාවේ මෙවැනි දේශපාලන මාතෘකා සාකච්ඡා කිරීමට සුදුසු නැතැයි අගමැති ඇන්තනී ඇල්බනීස් ඊයේ සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »