ඔස්ටේ්‍රලියා නායක ඒරන් ෆින්ච් එක්දින තරගවලින් සමුගනී

එක් දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් තීරණය කර තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන එක්දින තරගය තම අවසාන පන්දුවාර 50 තරගය බවයි ඔහු සඳහන් කලේ.

කෙසේවෙතත් තමා තවදුරටත් පන්දුවාර 20 තරග ක්‍රීඩා කරන බවත් ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයේදී කණ්ඩායම මෙහෙයවන බවත් ඒරන් ෆින්ච් කියාසිටියා.

ඔස්ටේ්‍රඩියාව වෙනුවෙන් එක්දින තරග 145 කට ක්‍රීඩා කර ඇති ෆින්ච් 2020 වසරේදී ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ නායකත්වයට පත්වූණා.

අනතුරුව ඔහු මේ දක්වා මෙහෙයවා ඇති තරග ගණන 54 ක්.

එක්දින ළකුණු 5000 කට වඩා රැස්කර ඇති ඒරන් ෆින්ච් ගේ මෑතකාලීන දක්ෂතා සම්බන්ධයෙන් සතුටුවිය නොහැකි බවයි විචාරකයන් පෙන්වාදී තිබුණේ.

ජූනි මාසයේ පැවති ශ්‍රී ලංකා සංචාරයේදී හිමිවූ පරාජයන්ද ඒ අතර වනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »