
දෛනික කොවිඩ් දත්ත වාර්තාකරණය ලබන සිකුරාදා (09) සිට පූර්ණ වෙනසකට ලක් කිරීමට ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.
එදින සිට දිනපතා තොරතුරු ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොවන අතර සතිපතා වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණක් සිදුවනු ඇති.
ෆෙඩරල් රජය – ප්‍රාන්ත රජයන් සහ සියලු සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීන් එක්ව ගනු ලැබූ තීරණයක් අනුවයි එය ක්‍රියාත්මක වන්නේ.

මේ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා පස්වරුව වනවිට ලැබී ඇති කොවිඩ් තොරතුරු සිකුරාදා දිනවලදී ෆෙඩරල් රජය සහ එක් එක් ප්‍රාන්තය මට්ටමින් ඉදිරිපත් කිරීමට නියමිතයි.
බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසිනුයි මෙම යෝජනාව පළමුවෙන් ඉදිරිපත් කර තිබුණේ.
