
ඩොලර් මිලියන 01 කට වැඩි වටිනාකමින් යුත් නීති විරෝධී Vapes උපකරණ තොගයක් මෙල්බන් නගරයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනෙකුට මේ සම්බන්ධයෙන් චෝදනා ගොණු කර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.
ට්‍රක් රථයක තිබී මෙලෙස හමුවී ඇති e-cigarettes ප්‍රමාණය 907,000 ක් වන අතර සමස්ත වටිනාකම ඩොලර් 10 ලක්ෂ 26,000 ක් බවට තක්සේරු කර තිබෙනවා.

සැකකරුවන 32 සහ 40 හැවිරිදි වියෙහි පසුවන්නන් වන අතර ඔවුන් ඇප මත මුදා හැර තිබෙනවා.
ලබන නොවැම්බර් මාසයේදී සැකකරුවන් දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
