ඔස්ටේ්‍රලියානු පවුල්වල වියදම් සියයට 18.4 කින් ඉහළට

ඔස්ටේ්‍රලියානු පවුල්වල වියදම් කිරීම් සියයට 18.4 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ පසුගිය වසරේ ජූලි මාසය සහ මෙම වසරේ ජූලි මාසයේදි භාණ්ඩ මිළ ඇතුලු අනෙකුත් සාධක සළකා බැලීමේදීයි.

අඛණ්ඩව වියදම් ඉහළ ගිය 17 වන මාසය මෙයයි.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ ආහාර – මත්පැන් – නිවාස උපකරණ සහ ගෘහ භාණ්ඩ වැනි අයිතමවල මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඇඳුම් සහප පාවහන් මිළ සියයට 45 කින්ද / ප්‍රවාහන වියදම් සියයට 35.4 කින්ද / අවන්හල් තුළදී ගන්නා ආහාරපාන වියදම් සියයට 34.9 කින්ද වසරක කාලයක් තුළදී වැඩි වී තිබෙනවා.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »