වෙළඳසැල් සොරකම් ගැන උගන්වන ක්වීන්ස්ලන්ඩ් පොතකට දැඩි විරෝධයක්

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් පළකරන ලද සගරාවක අඩංගු ලිපියක් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

වෙළඳසැල්වලින් භාණ්ඩ සොරාගන්නේ කෙසේද යන්න පිළිබඳවයි එම ලිපියට අන්තර්ගතවී ඇත්තේ.

ඉහළ යන ජිවන වියදමට විකල්පයක් ලෙස සොරකම් කිරීමට යොමුවීමෙහි වරදක් නැතැයිද එමගින් අවධාරණය කර තිබෙනවා.

මෙම ලිපිය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් මතුවී ඇති අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම ඡායා අධ්‍යාපන අමාත්‍යවරයාද මෙම ලිපියට පළකර ඇත්තේ දැඩ විරෝධයක්.

එහෙත් නාගරික කවුන්සිල කිහිපයක නියෝජිතයන් පවසා ඇත්තේ සැබෑ ගැටලුව වන ජීවන වියදම පාලනය කලේ නම් කිසිවෙකුත් භාණ්ඩ සොරා ගැනීමකට යොමු නොවනු ඇති බවයි.

පසුගියදා නිකුත් වූ වාර්තාවක දැක්වුණේ ඔස්ටේ‍රලියානුවන් අතුරින් 1/5 ක් ම පසුගිය මාස 12 තුළදී තුමන හෝ වෙළඳසැල් වංචාවකට සම්බන්ධ බවයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »