ලංකාවේ ගුවන් යානා තෙල් ඇත්තේ දින 10 කටයි

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නැතැයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

දැනට ගබඩාවල ඇති ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 10ක් උපරිම සති දෙකක කාලයකට බවද හෙතෙම පැවසීය.

එනිසා ගුවන්යානා ඉන්ධන ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යවරයා තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සහ බොරතෙල් අවශ්‍යතා, ඇණවුම් සැලසුම, තහවුරු කර ගත් ඇණවුම්, එම ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණයන් සහ ගෙවීම් කළ යුතු දින වකවානු පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සහ මූල්‍ය අංශයේ නිලධාරීන් සහභාගී වී ඇත.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »