මහරගම අපේක්ෂා රෝහලට සහයවන්න ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ගෙන් සත්කාර්යයක්

AusලංකාTV දෙවන සංවත්සරය වෙනුවෙන් මහගු සත්කාරයකට මාධ්‍ය අනුග්‍රහය සැපයීමකට මුල පුරා තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටින දරුවන් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ප්‍රතිකාර ද්‍රව්‍ය ලබාදීම් අරමුණ ඇතිවයි කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ වික්ටෝරියා ප්‍රාන්ත ආදි ශිෂ්‍ය ශාඛාව විසින් Ride For Apeksha නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ.

ඔස්ටේ්‍රලියා රොටරි සමාජය – ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ ස්වෙච්ඡා පා පැදි කරුවන් විශාල පිරිසක් මීට එක්ව සිටිනවා.

සැප්තැම්බර් 01 වනදා සිට ඔක්තෝබර් 10 වනදා දක්වා දින 40 තුළදී පා පැදියක් සහිත හෝ රහිත ඕනෑම අයෙකුට මේ සඳහා ලියාපදිංචි විය හැකියි.

ප්‍රධාන ලියාපදිංචි කිරීමේ අවස්ථාව අද (03) පැවැත්වෙනවා.

එහිදී තමන් ධාවනය කිරීමට අපේක්ෂා කරන දුර ප්‍රමාණය පිළිබඳ ඉලක්කයක් ගොඩනගා ගත යුතුයි.

දැනට 60 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී ඇති අතර ළමුන් ඇතුලු විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරන විශාල පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී සිටිනවා.

ඔස්ටේ්‍රලියාව – කටාර් – ශ්‍රී ලංකාව – සිංගප්පූරුව ඇතුලු රටවල් කිහිපයක සිටින ජනතාව එලෙස ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්.

ඔවුන් කිලෝමීටර් 10 සිට 976 දක්වා වන විවිධ දුර ප්‍රමාණයන් සඳහා මේ වනවිටත් ලියාපදිංචි වී අවසන්.

එම චාරිකාව අතරතුරදී හිමිවන ආධාර මෙම සත්කාර්යය වෙනුවෙන් යෙදවෙනු ඇති.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය පහසුකම් සැපයීම පවා අවධානම් මට්ටමක පවතින අතර මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකයන් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ප්‍රතිකාර ද්‍රව්‍ය ලබාදීම් අරමුණ ඇතිව සංවිධාන කර ඇති මෙම මහගු සත්කාර්යය සඳහා AusලංකාTV මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ.

පූර්ණ විනිවිදභාවයෙන් යුතුව මෙම වෛද්‍ය උපකරණ හා ඖෂධ ආධාර යොමු කිරීමට රොටරි ඔස්ටේ‍රලියා විදේශ ආධාර අරමුදලේ සහයෝගය හිමිවනවා.

ඔස්ටේ්‍රලියාව තුළදී හිමිවන ඩොලර් 2 ට වැඩි සෑම ආධාරයක් සඳහාම ඔස්ටේ්‍රලියාව තුළදී බදු සහන හිමිවන අතර කිසිදු ආධාරයක් මුදලක් ලෙස ශ්‍රී ලංකාවට යොමුකිරීමක් සිදුවන්නේ නැහැ.

වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍යමය ආධාර ලෙස පමණක් අදාළ සියලු දෑ සැපයිම සිදුවනවා.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මීට සම්බන්ධ වන්නේ රේගු නිෂ්කාෂණ කටයුතු ඇතුලු කාර්යයන් සඳහායි.

දෙවන සංවත්සරය විනෝදාස්වාදයට මුල් තැන දීමකින් තොරව මෙවැනි පුණ්‍යමය කටයුත්තක් සඳහා මාධ්‍ය අනුග්‍රහය සැපයීමට AusලංකාTV ඉදිරිපත් වූයේද කිසිදු ලාභ අපේක්ෂාවක් ලැබීමේ චේතනාවකින් තොරව වීම විශේෂත්වයක්.

Ride For Apeksha පිළිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවියෙන් හෝ ෆේස්බුක් පිටුවෙන් ලබාගත හැකි වනවා.

Home

https://m.facebook.com/RideforApeksha/

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »