ඔස්ටේ්‍රලියා කොවිඩ් හුදකලා කාලය තවත් අඩුවන හැඩ

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් ආසාධිතයන් සඳහා දැනට බලාත්මක දින 07 ක හුදකලා කාලය දින 05 දක්වා අඩු කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙම සතියේදී රැස්වන ජාතික කැබිනෙට්ටුවේදී ඒ සම්බන්ධ අවසාන තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්.

ඒ සඳහා සියලුම ප්‍රාන්තවල අගමැතිවරුන්ගේ අනුමැතිය හිමිවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මෙම යෝජනාව සඳහා පෙරමුණ ගෙන ඇත්තේ නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ බවද සඳහන්.

ඔහු යෝජනා කර තිබුණේ හුදකලා කාලය මුලුමනින්ම අහෝසි කිරීමටයි.

එහෙත් ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ක්‍රම ක්‍රමයෙන් හුදකලා කාලය අඩු කිරීම වඩාත් යෝග්‍ය බවටයි.

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »