බීමත්ව පාටි දැමූ ෆින්ලන්ත අගමැතිනියට වැඩ වරදී

සාදයකදී බීමත්ව ගීත ගායනා කරමින් නර්තනයේ යෙදෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

විපක්ෂ දේශපාලන පක්ෂ අවධාරණය කරන්නේ ඇය ප්‍රසිද්ධියේ සමාව ගෙන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර අදාළ සාදයේදී මත්ද්‍රව්‍ය භාවිත කල බවට එල්ලවන චෝදනා අගමැතිනිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ වනවිට 36 හැවිරිදි වියෙහි පසුවන සන්නා මරින් කළක් සැළකුණේ ලොව වයසින් අඩුම රාජ්‍ය නායිකාව ලෙසයි.

ඇය 2019 දී ෆින්ලන්ත අගමැතිනිය ලෙස පත්වනවිට 34 වන වියෙහි පසුවුණා.

කෙසේවෙතත් සන්නා මරින් අවධාරණය කරන්නේ තමන් කිසිදු අවස්ථාවක නීති විරෝධී කිසිවක් සිදුකර නොමැති බවයි.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »