උලුරු පර්වතයට නැගි වික්ටෝරියාවාසියෙක් වාර්තාවක් තියයි

උලුරු පර්වතය නැගීම තහනම් කිරීමෙන් පසු නීති විරෝධිව ඊට නැග දඩයකට යටත්වූ පළමු පුද්ගලයා බවට වික්ටෝරියා ප්‍රාන්තවාසියෙකු පත්වි තිබෙනවා.

2019 වසරේ ඔක්තෝබර් 26 වනදායින් පසු උලුරු පර්වතය තරණය තහනම් කෙරුණේ ස්වදේශික ජනතාව විසින් එය ඔවුන්ගේ උරුමයක් ලෙස අවධාරණය කිරීමත් සමගයි.

44 හැවිරිදි අදාළ වික්ටෝරියානුවාට ඩොලර් 2500 ක දඩයක් නියම වී තිබෙනවා.

උලුරු පර්වතය තරණය තහනම් කරමින් නීතියක් සම්මත කර ගැණුනේ 2017 වසරේදීයි.

එම නීතිය බලාත්මක වූ 2019 වසරේ ඔක්තෝබර් 26 වන දිනයට පෙර දහස් සංඛ්‍යාත පිරිසක් එය තරණය කර තිබුණා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »