වික්ටෝරියා අගමැති ඊ-මේල් පලහිලවුවක

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Wednesday, October 13, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහ දූෂණ චෝදනා එල්ල වූ දේපළ සංවර්ධනකරුවෙකු අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් පණිවුඩ ප්‍රසිද්ධ කර තිබෙනවා.

වික්ටෝරියා දූෂණ මර්දන කොමිසම විසින් සති කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැතිවරයාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගනු ලැබුවා.

එමෙන්ම අදාළ සියලු ලේඛණ සභාගත කරන ලෙසයි වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නියෝගයක්ද ලබාදී තිබුණේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ විවිධ ඉදි කිරීම් කොන්ත්‍රාත් සඳහා අනුමැතිය ගැනීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ට ඩොලර් මිලියන ගණනක අල්ලස් දුන් බවටයි ජෝන් වුඩ්මන් නම් මෙම කුප්‍රකට ව්‍යාපාරිකයාට චෝදනා එල්ල වී ඇත්තේ.

මේ අතර තමා කිසිදු අවස්ථාවක නීතියෙන් බැහැරව ක්‍රියාකර නොමැති බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් අවධාරණය කරනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »