Search

මර්වින් සිල්වා CID අත් අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීට වසර 15 කට පෙර එනම් 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුලුවී එහි සේවකයන්ට පහර දීමේ සිද්ධියකට අදාළවයි.

හිටපු අමාත්‍යවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන මූලස්ථානය වෙත රැගෙනවිත් ඇති බව සඳහන්.