මහ බැංකුවට ඩොලර් දෙන්න පොදු සමා කාලයක්

මහජනතාව සන්තකයේ පවතින විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ විකිණීම සදහා මාසයක පොදු සමා කාලයක් ලබාදී තිබෙනවා.

මුදල් අමාත්‍ය වරයාගේ උපදෙස් පරිදියි අගෝස්තු 15 වැනිදා සිට මාසයක් බල පැවැත්වෙන පරිදි මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මහජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල්, බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණයි.

මෙම පොදු සමාකාලය කුල පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට ජනතාවට හැකියාව පවතිනවා.

නැතහොත්  බලයලත් වෙළෙන්දෙකුට , බලපත්‍රලාභී වාණිජ බැංකුවකට  විකිණීමට හැකියාව පවතිනවා.

මේ පිලිබද වැඩිදුර විස්තර [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ 011 2 477 255 යන දුරකථන අංකයෙන් ලබාගත හැකියි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »