ඔස්ටේ්‍රලියාවේ විරැකියාව තවත් පහළට

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය ජූලි මාසයේදී සියයට 0.1 කින් පහළ ගොස් තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ පසුගිය ජූනි මාසයේ එය සියයට 3.5 ක් ලෙස පැවති අතර ජූලි මාසයේදී එය සියයට 3.4 ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

1974 වසරෙන් පසු ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය මෙතරම් අඩුම අගයක් සටහන් කල අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ.

කෙසේවෙතත් ජූලි මාසය තුළදී 41,000 කට ආසන්න පිරිසකට රැකියා අහිමිවී ඇති අතර බිහිවී ඇති නව රැකියා සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ කාණ්ඩයේ රැකියා නියුක්තිය ජූලි මාසයේදී සියයට 0.7 කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය යහපත් ප්‍රවණතාවයක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »