Search

Visit Visa අරන් Jobs වලට රට යන අයට විශේෂ නිවේදනයක්

සංචාරක වීසා ලබා දෙන මුවාවෙන් මිනිස් ජාවාරම්කරන පුද්ගලයන්ට සහ ආයතනවලට දැඩි ව නීතිය ක්‍රියාත්මක කරන බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අවධාරණය කරනවා.

ගුවන්තොටුපොළ, ආගමන විගමන පාලක සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඒකමතික තීරණයෙන් රහස් පොලීසියේ සහයෝගය මත මෙම මාෆියාවට තිත තබන බවත් ඔහු කියාසිටියා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොමැති ආයතන සහ පුද්ගලයන් මෙම මාෆියාව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

විදේශ සමාගමක නිසි රැකියා ගිවිසුමක් රහිත ව හෝ ලියාපදිංචි නොමැති කිසිදු පාර්ශ්වයක් හරහා හෝ රැකියා අපේක්ෂාවෙන් සංචාරක වීසා මත හෝ විදෙස්ගත නොවන ලෙස මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර දන්වා සිටියා.

රැකියා අපේක්ෂාවෙන් සංචාරක වීසා මත විදෙස්ගත වන තරුණ තරුණියන් සහ කාන්තාවන් එම රටවල දී වැඩි වශයෙන් බරපතල හිංසාවන්ට පීඩාවන්ට ලක්වන බවට දෛනික ව වාර්තා වන බවත් ඔහු කියාසිටියා.

එය ඔවුන්ගේ ජීවිතයට සහ රටේ කීර්ති නාමයට ද බරපතල තර්ජනයක් බවත්, මේ නිසා සංචාරක වීසා මගින් රැකියා සදහා විදේශගත වීම නොකරන ලෙසත් අමාත්‍ය මනූෂ නානායක්කාර ඉල්ලීමක් කලා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »