ශ්‍රී ලංකාවට ඔස්ටේ්‍රලියාවෙන් නව මහ කොමසාරිස්වරයෙකු පත් කර තිබෙනවා.
පෝල් වෙස්ලි ස්ටීවන්ස් මෙලෙස පත් කර එවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ.
ඔහු ඊයේ දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සිය අක්තපත්‍රය භාරදී තිබුණා.
ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් ලෙස සේවය කල ඩේවිඩ් හොලී පසුගියදා සිය ධුර කාලය අවසන් කර යළි ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගියා.
-PMD-