2014 න් පසු ඔස්ටේ්‍රලියාවේ ඉහළම වැටුප් වර්ධන වේගය සටහන් වෙයි

ජූනි මාසයෙන් අවසන්වූ මෙම වසරේ 02 වන කාර්තුවේදී ඔස්ටේ්‍රලියාවේ වැටුප් වර්ධන වේගය සියයට 0.7 ක් ලෙස සටහන්වී තිබෙනවා.

කෙසේවෙතත් ඉහළ යන උද්ධමනය හා සැසඳීමේදී එය පහළ අගයක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසන්නේ.

2021 වසරේ ජූනි මාසයේ සිට මෙම වසරේ ජූනි දක්වා වන වසර සැළකීමේදී වැටුප් වර්ධන වේගය සියයට 2.6 ක් ලෙස සටහන්වී තිබෙනවා.

2014 වසරෙන් පසු මාස 12 ක කාලයක් සැළකීමේදී ඔස්ටේ්‍රලියාවේ සටහන්වූ ඉහළම වැටුප් වර්ධන වේගයද එයයි.

2023 වසරේ මැද භාගය වනවිට අපේක්ෂිත වැටුප් වර්ධන වේගය සියයට 3.5 ක්.

මෙම වසරේ 02 වන කාර්තුවේදී රජයේ රැකියාවලට වඩා පුද්ගලික අංශයේ රැකියාවල වැටුප් වර්ධන වේගය ඉහළ අගයක් ගෙන ඇති බවත් සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල දත්තවල සඳහන්.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »