මොරිසන් ඉල්ලා අස් නොවීමට තීරණය කරයි

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් නොමැති බව හිටපු අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරනවා.

ඊළග මැතිවරණයට තරග කිරීම සම්බන්ධ තීරණයක් ගැනීමට තවමත් කල් වැඩි බවයි ඔහු සඳහන් කලේ.

අගමැතිවරයා ලෙස කටයුතු කල සමයේ අමාත්‍ය ධුර 05 ක රාජකාරි පවරාගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියාසිටියා.

තමා අදාළ විශය පථයන් හි දිවුරුම් දුන්නේ ආණ්ඩුකාර ජනරාල්වරයාගේද අනුමැතිය හා දැනුවත්වීම මත පමණක් බව ස්කොට් මොරිසන් සඳහන් කලා.

කොවිඩ් වසංගත සමයේ අමාත්‍ය ධුර 05 ක දිවුරුම් දෙනු ලැබුවද තමා කිසිදු අවස්ථාවක ඇමති වරප්‍රසාද ලබා නොගත් බවත් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු නොකල බවත් හිටපු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ සෞඛ්‍ය ඇතුලු විෂයන් පවරා තිබූ ඇමතිවරුන් කිසිදු අවහිරයකින් තොරව රාජකාරි කරගෙන ගිය බවයි.

අදාළ අමාත්‍යංශවල කාර්යයන් වඩාත් විධිමත්ව කරගෙන යාම සඳහා පමණක් තමන් එක් එක් දෙපාර්තමේන්තු තමා යටතට පවරා ගත් බවද ස්කොට් මොරිසන් කියා සිටියා.

ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය හෝ අමාත්‍යවරුන් දැනුවත් කිරීමට නොහැකිවීම පිළිබඳ කණගාටුව පළකරන බවයි හිටපු අගමැතිවරයා අවධාරණය කලේ.

අගමැතිවරයා ලෙස තමා කිසිදු වැරදි ක්‍රියාවකට සම්බන්ධවී නොමැති බවත් ස්කොට් මොරිසන් මෙහිදී ප්‍රකාශ කලා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »