Search

ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගැන සුභ පණිවුඩයක්

ලබන වසරේදී ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් සියයට 20 කින් පමණ පහළ යනු ඇති බවට ANZ බැංකුව විශ්වාසය පළකරනවා.

2024 වසර වනවිට එය තවත් පහළ යනු ඇති බවටත් ඔවුන් අනාවැකි පළකර සිටිනවා.

සෑම ප්‍රාන්තයතකම ප්‍රධාන නගරවල නිවාස මිළ ගණන් සංසන්දනය කර ANZ බැංකුව විසින් පළකර ඇති පුරෝකථන වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

ඉදිරි මාස කිහිපයේදීත් උද්ධමනය වැඩිවනු ඇති නමුත් 2023 වසරේ මැද භාගය වනවිට එය යථා තත්වයට පත්වනු ඇති බවයි පසුගියදා නිකුත් වූ වාර්තාවක සඳහන් වූයේ.

මේ අතර අඛණ්ඩව 05 වන මාසයටත් සැප්තැම්බර් මාසයේදීත් පොළී අනුපාත ඉහළ දැමීමට සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවටත් ANZ බැංකුව අනාවැකි පළකරනවා.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ සාමාන්‍ය නිවසක වටිනාකම සටහන් වන්නේ ඩොලර් මිලියන 1.065 ක් ලෙසයි.

එය පසුගිය කාර්තුවට සාපේක්ෂව සියයට 0.9 ක පහළයාමක්.

https://twitter.com/ANZ_Research/status/1559336897096327168?s=20&t=-PLwOTTJ4r_CqigMz5LInQ

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »