මන්ත්‍රීකමින් යන්නැයි මොරිසන්ට අඛණ්ඩ බලපෑම්

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වන්නැයි හිටපු අගමැති ස්කොට් මොරිසන්ට එල්ලවන බලපෑම තවදුරටත් ඉහළගොස් තිබෙනවා.

ඒ කොවිඩ් වසංගත සමයේ රහසිගතව අමාත්‍ය ධුර 05 ක දිවුරුම් දීමෙන් අමාත්‍ය මණ්ඩලයේ සහ ජනතාවගේ විශ්වාසය කඩ කර ඇති බවට චෝදනා එල්ලවීමත් සමගයි.

පැවති ලිබරල් සන්ධාන රජයේ හිටපු ස්වදේශ ඇමතිනි කැරන් ඇන්ඩෲස් අවධාරණය කරන්නේ හිටපු අගමැතිවරයා විශ්වාසය කඩ කර ඇති බැවින් මන්ත්‍රී ධුරය වහා අත්හැරිය යුතු බවයි.

කෙසේවෙතත් හිටපු අගමැති ජෝන් හොවාර්ඩ් අවධාරණය කරන්නේ ස්කොට් මොරිසන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවයක් පැණ නොනගින බවයි.

වසංගතය පාලනය කිරීමට අමතර බලතල අවශ්‍ය බැවින් තමා අමාත්‍ය ධුර කිහිපයක දිවුරුම් දුන් බවයි හිටපු අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »