ඔස්ටේ්‍රලියාවේ ඉහළම සරසවියක ඉහළම සම්මානයක් ලාංකික තරුණියකට

ඔස්ටේ්‍රලියාවේ උසස්ම විශ්ව විද්‍යාලයක් වන Deakin විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව සඳහා පිරිනැමෙන ඉහළම සම්මානය හිමි කරගැනීමට ලාංකික සිසුවියක වන භාග්‍යා ධර්මසිරි සමත්වී තිබෙනවා.

ඇය විසින් සිය ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කල අධ්‍යයනය වෙනුවෙනුයි මෙම ඉහළම ඇගයීමට ලක්වී ඇත්තේ.

විද්‍යුත් වාහනවල බලශක්තිය සංරක්ෂණයට අදාළ සංකල්පයක් භාග්‍යා ධර්මසිරි විසින් ඉදිරිපත් කර තිබුණා.

තමන්ට ලැබුණු ත්‍යාගයෙන් ඩොලර් 1800 ක මුදලක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හදාරන සිසුවියන් දෙදෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන බවද ඇය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම තමන් ඉගෙනගත් දැනුම අවශ්‍ය ඕනෑම අයෙකුට ලබාදීමට සූදානම් බවයි භාග්‍යා ධර්මසිරි කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »