ලංකාවට මහා බ්‍රිතාන්‍යයෙන් අලුත්ම උදව්වක්

එක්සත් රාජධානියේ නව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා.

එතුළින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයක් තීරුබදු රහිතව එක්සත් රාජධානියේ වෙළෙඳපොළ වෙත යොමු කිරීමට අවස්ථාව හිමිවනවා.

එය ජි එස් පී බදු සහනය වෙනුවට එක්සත් රාජධානිය විසින් හඳුන්වාදී තිබෙන ආදේශ කිරීමක්ද වනවා.

මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග ජී එස් පී බදු සහනය යටතේ එරටට අපනයනය කල භාණ්ඩවලට අදාළ වරණීය බදු සහන රටවල් රැසකට අහිමි වුණා.

එම සහනය නැවත උදාකර දීම සඳහායි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයක් මහා බ්‍රිතාන්‍යය විසින් ආරම්භ කරනු ලැබුවේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »