
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී වත්මන් ලේබර් පක්ෂයම නැවත බලයට පැමිණෙනු ඇති බවට පූර්ව මත විමසුමක් අනාවැකි පළකරනවා.
ආයතනය විසින් අගොස්තු 11 – 12 සහ 13 යන දිනවල සිදුකල සමික්ෂනයකට අනුව ලේබර් පක්ෂයේ ජනප්‍රියත්වය සියයට 60.5 දක්වා සියයට 1 කින් වැඩිවී ඇති අතර ලිබරල් සන්ධානයේ ජනප්‍රියත්වය සියයට 39.5 දක්වා සියයට 1 කින් අඩු වී තිබෙනවා.
මෙය 2018 වසරේදී ලේබර් පක්ෂය ලබාගත් සියයට 57.3 ක ඡන්ද ප්‍රතිශතය හා සැසඳීමේදී සියයට 3.2 ක ඉහළ යාමක් වනවා.

මේ අතර ඩැනියල් ඇන්ඩෲස් නැවත වරක් වික්ටෝරියා අගමැති තනතුරට පත්වනු ඇති බවටද අනාවැකි පළවනවා.
ඔහුගේ ජනප්‍රියත්වය මේ වනවිට සියයට 62.5 ක් ලෙස පවතින අතර විපක්ෂ නායක මැතිව් ගයි ගේ ජනප්‍රියත්වය පවතින්නේ සියයට 37.5 ක් ලෙසයි.
