ගෝඨා එන්න අවසර ඉල්ලුවා – තායි රජය කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුලුවීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරනවා.

දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා සැළකිල්ලට ගෙන එය සළකා බලන බවයි තායි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනක දැක්වෙන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් ඇති බැවින් හිටපු ජනාධිපතිවරයාට වීසා රහිතව දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට, 2013 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇතිකරගත් එකගතා ගිවිසුමකට අනුව අවසර හිමිවන බවද විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපතිවරයාගෙන් මේ දක්වා කිසිදු දේශපාලන රැකවරණ පතා ඉල්ලීමක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේදී සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඔහු එහිදී තාවකාලික රැකවරණයක් අපේක්ෂා කරනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගියේ පසුගිය මස 14 වනදායි.

අනතුරුව ඔහුට තවත් දින 14 ක කාලයක් එරට රැඳී සිටීමටද සිංගප්පූරු බළධාරීන් අවසර දී තිබුණා.

පසුගිය දිනක විදෙස් මාධ්‍ය ආයතනයක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට තවමත් ශ්‍රී ලංකාවට පැමි”මට කාලය උදා වී නොමැති බවයි.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »