
2020 වසරේ අප්‍රේල් මාසයේදී එවක ලිබරල් රජය හඳුන්වාදුන් Covid App එක වත්මන් ලේබර් රජය විසින් ඉවත් කර තිබෙනවා.
පසුගිය ලිබරල් සන්ධාන රජය ඩොලර් මිලියන 21 ක් ඊට වියදම් කළද හඳුනාගෙන ඇත්තේ ධනාත්මක ආසාදිතයින් දෙදෙනෙකු සහ සමීප ආශ්‍රිතයින් 17 ක් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් කියාසිටියේ.
මේ අතර අගෝස්තු 15 සිට, සෑම බටහිර ඔස්ටේ්‍රලියානු ප්‍රාන්තවාසියෙකුටම කොවිඩ් පරීක්ෂණ ස්ථාන, එන්නත් සායනවලින් නොමිලේ රැපිඩ් කට්ටල 20 ක් ලබා ගත හැකියි.

ACTR හි Concession කාඩ්පත් හිමියන්ට දැන් ඔවුන්ගේ ප්‍රදේශයේ පුස්තකාලයෙන් නොමිලේ රැපිඩ් කට්ටල තුනක් දක්වා ලබා ගත හැකියි.
කෙසේ වෙතත්, කොවිඩ් රෝග ලක්ෂණ ඇති අය ඔවුන්ගේ රැපිඩ් කට්ටල Garran Surge මධ්‍යස්ථානයෙන් ලබා ගත යුතු අතර නොඑසේනම් පී සී ආර් පරීක්ෂණයක් කර ගත යුතුය.

–SBS-