අර්ජුණට අලුත් පුටුවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරයට පත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

මෙම කවුන්සිලය සාමාජිකයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වන අතර අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතුව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

හිටපු අමාත්‍යවරයකු ද වන අර්ජුන රණතුංග මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට පත්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

නව ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් වන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද ඇතුළත් වන බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මීට අමතරව මෙරට බිහි වූ විශිෂ්ට මලල ක්‍රීඩිකාවන් වන සුසන්තිකා ජයසිංහ සහ ශ්‍රියානි කුලවංශ ඇතුළු ප්‍රවීණ වෘත්තිකයන් රැසක් සිටින බව වාර්තා වේ.‍

මීට පෙර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කටයුතු කළ අතර, හිටපු ක්‍රිකට් නායකයකු වන කුමාර් සංගක්කාර, ජුලියන් බෝලිං, ඩිලන්ත මාලගමුව ඇතුළු ප්‍රකට පුද්ගලයන් රැසක් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »