හිටපු ජනපති ගෝඨා හෙට තායිලන්තයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේදී සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඔහු එහිදී තාවකාලික රැකවරණයක් අපේක්ෂා කරනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගියේ පසුගිය මස 14 වනදායි.

අනතුරුව ඔහුට තවත් දින 14 ක කාලයක් එරට රැඳී සිටීමටද සිංගප්පූරු බළධාරීන් අවසර දී තිබුණා.

හෙට දිනයේදී තායිලන්තයට පැමිණිමේ සුදානම සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය විසින් තායි විදේශ අමාත්‍යංශයෙන් විමසා ඇතත් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා නැහැ.

පසුගිය දිනක විදෙස් මාධ්‍ය ආයතනයක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට තවමත් ශ්‍රී ලංකාවට පැමිණීමට කාලය උදා වී නොමැති බවයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »