සිඩ්නි සමස්ත දුම්රිය පද්ධතියම අද බිඳ වැටෙන හැඩ

අද දිනයේදී සිඩ්නි නගරය පුරා සමස්ත දුම්රිය ධාවනය ඇණ හිටිනු ඇති බවට ප්‍රවාහන වෘත්තිය සමිති අනතුරු අගවනවා.

පෙරවරු 10 සිට පස්වරු 04 දක්වා වෘත්තිය ක්‍රියාමාර්ගයක් සැළසුම් කර තිබීමයි ඊට හේතුව වන්නේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි වෘත්තිය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර ඇත්තේ.

රාත්‍රී 08 වනවිට ධාවන කටයුතු යළිත් යථා තත්වයට පත්වනු ඇති බවද සඳහන්.

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තිය සමිති මෙම මාසය පුරා විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග සැළසුම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »