
තහනම් සහ සීමා කරන ලද භාණ්ඩ හෝ තාවකාලිකව අත්හිටවූ භාණ්ඩ හෝ වාණිජ ප්‍රමාණයේ අඩංගු භාණ්ඩ ගමන් මළු තුල අඩංගු කර රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව සියලූම ගුවන් මගීන්ට දැනුම් දෙනවා.
පසුගිය කාලය තුළ ආනයන සීමා කල භාණ්ඩ රැගෙන ඒම ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා රේගුව පෙන්වා දෙන්නේ.
මීට අමතරව, ඇතැම් ගුවන් මගීන් විසින් රේගු ආඥාපනත සහ ආනයන අපනයන (පාලන) පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි

උල්ලංඝනය කරමින් වාණිජ ප්‍රමාණවලින් භාණ්ඩ රැගෙන එන බව ද නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි රේගුව සදහන් කළේ.
මෙම විධිවිධාන අනුව එසේ නීති විරෝධිව ගෙන එන ලද සියලූම භාණ්ඩ රාජසන්තක කිරීම සහ එයට සම්බන්ධ ගුවන් මගීන් මත වැඩිදුර රාජසන්තක කිරීම් හෝ දඩ පැනවීමට කටයුතු කරනු ඇති බවද ශ්‍රී ලංකා රේගුව නිවේදනය කළා.
