වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා මුව ආවරණ මිලියන 03 ක් නොමිළයේ බෙදා හැරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඉදිරි සති 04 ත් 06 ත් අතර කාලයේදී කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන – ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ පොදු ප්‍රවාහන සේවා මගින් මෙම මුව ආවරණ බෙදා දීමට නියමිතයි.
කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඕනෑම අයෙකුට මුව ආවරණ 10 ක් බැගින් ලබාදෙන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ.
සෑම ගෘහස්ථ කටයුත්තකදීම සහ පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ භාවිතය තවදුරටත් සිදුකල යුතු බව ඔහු වැඩිදුරටත් කියාසිටියා.
කොවිඩ් උච්චම අවස්ථාව පසු කරමින් සිටින බැවින් මෙම නිර්දේශය ලබාදෙන බවත් ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.