
ව්‍යාජ හෙවත් fake reviews හේතුවෙන් මෙල්බන් නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් පවත්වාගෙන යාමේ ගැටලු හටගෙන තිබෙනවා.
මේ වනවිට තම වෙළඳසැල් සඳහා පාරිභෝගිකයන් පැමිණීම මුලුමනින්ම ඇණහිට ඇති බවයි ව්‍යාපාර හිමියන් පෙන්වා දෙන්නේ.
කොවිඩ් හමුවේ අඩාල වු ව්‍යාපාර කටයුතු නැවත යථා තත්වයට පත්කර ගැනීම සඳහා මෙය අහිතකර තත්වයක් බවද ඔවුන් සඳහන් කරනවා.

කුමන කණ්ඩායමක් කුමන හේතුවක් මත මෙලෙස fake reviews සිදුකරන්නේද යන්න මේ දක්වා තහවුරු කරගෙන නැහැ.
පසුගිය මාසයේදීත් ගූගල් ආයතනය විසින් ව්‍යාජ reviews මිලියන 95 කට වැඩි ප්‍රමාණයක් සිය සමාජ ජාල තුළින් ඉවත් කරනු ලැබුවා.
