ඔස්ටේ්‍රලියා බදු මුදල් ඩොලර් බිලියන 03 ක් වතුරේ යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපෑ දරුණු ජල ගැලීමේ හේතුවෙන් සිදුව ඇති සමස්ත පාඩුව ඩොලර් බිලියන 03 ක් පමණ වන බවට තක්සේරු කර තිබෙනවා.

ප්‍රාන්ත රජය පවසන්නේ වන්දි පිරි නැමීම සහ විනාශ වු දේපළ යථාවත් කිරීම වෙනුවෙන් එම මුදල් වැය කිරීමට සිදුව ඇති බවයි.

මේ සඳහා වෙන් කිරීමට සිදුවන්නේ ජනතාව විසින් ලබාදෙන බදු මුදල් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙම වසරේ අවස්ථා 02 කදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට දරුණු ජල ගැලීම් හටගත්තා.

එහිදී ජීවිත හානි කිහිපයක්ද වාර්තා වුණා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »