
එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවීම සඳහා ගොස් සිටියදී අතුරුදන්ව සිටි ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් දෙදෙනෙකු සොයාගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය සමත්වී තිබෙනවා.
30 හැවිරිදි කාන්තාවක සහ 40 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස හමුවී ඇති බවයි බ්‍රිතාන්‍ය පොලිසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කලේ.
කෙසේවෙතත් අතුරුදන්වූ තවත් අයෙකු මේ දක්වා සොයාගෙන නැහැ.

ජූඩෝ ක්‍රීඩිකාවක – ජූඩෝ පුහුණුකරුවෙකු සහ රෙස්ලිං ක්‍රීඩකයෙකු පසුගිය 01 වනදායි මෙලෙස අතුරුදන්වූයේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 161 ක ක්‍රීඩක පිරිසක් මෙවර බර්මිංහැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්ව සිටින අතර අදාළ අතුරුදන්වීම් වාර්තාවීමත් සමග සෙසු සියලුදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර කණ්ඩායමේ කළමණාකාරීත්වය භාරයට ගෙන තිබුණා.
