ලංකාවට වැඩියෙන් සල්ලි එව්වොත් වැඩියෙන් ලැබෙන duty free පහසුකම් මෙන්න

විදෙස් ගත ශ්‍රමිකයින් ට හිමිවන තීරු බදු සහනය ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට සිදුකරනු ලබන ප්‍රේෂණයන් වැඩිකිරීම සඳහා මෙම දිරි ගැන්වීම සිදුකර ඇත.

ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේ දී අතිරේක තීරු බදු සහන දීමනාවක් ලබාදීමට හා විදුලියෙන් ක්‍රියාකරනු ලබන වාහනයක් මිල දී ගැනීම සඳහා එකී විගමනික ශ්‍රමිකයින්ට පහසුකම් සැලසීමට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙතෙක් පැවති ක්‍රමය අනුව දවස් 90ට අඩු කාලයක් විදෙස් ගත වී මෙරටට පැමිණීමේ දී එම පුද්ගලයාට තීරු බදු සහනය ලෙස ඩොලර් 187ක සහනයක් හිමිවේ.

එමෙන්ම දින 90ත් 365ත් අතර කාලයක් විදෙස් ගතව සිට පැමිණෙන අයෙකුට ඩොලර් 625ක තීරු බදු සහනයක් ද වසරකට වඩා වැඩි කාලයකට පසුව මෙරටට පැමිණෙව පුද්ගලයින්ට ඩොලර් 1750ක තීරු බදු සහනයක් ද හිමි වේ.

කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව වසරක කාලයක් තුළ දී මෙරටට ඩොලර් 2,400ක් පිළිගත් බැංකුවක් හරහා එවා ඇත්නම් එම තැනැත්තා “සිල්වර්” කාණ්ඩයට අයත් වේ.

එහිදී දින 90ට අඩු කාලයක් සඳහා ඩොලර් 787ක තීරු බදු සහනයක් ද, දින 90 සිට දින 365ක් දක්වා ඩොලර් 1,252ක් ද වසරකට වැඩි කාලයක් සඳහා ඩොලර් 2,350ක තීරු බදු සහනය වැඩිකර තිබේ.

එමෙන්ම වසරක කාලයක් සඳහා ඩොලර් 4,800ක මුදලක් මෙරටට එවා ඇත්නම් එවැනි පුද්ගලයින් සඳහා දින 90ට අඩු අයට ඩොලර් 1,175ක තීරු බදු සහනයක ද, දින 90ක් හා දින 365ක් අතර නම් ඩොලර් 1,585ක සහනයක් හා දින 365කට වැඩි නම් ඩොලර් 2,710ක තීරු බදු සහනයක් හිමිවේ.

වසරකට ඩොලර් 7,200ක් මෙරටට එවා ඇති පුද්ගලයින් “ගෝල්ඩ්” කාණ්ඩයට අයත් වන අතර, දින 90ක කාලයක් සඳහා ඩොල් 1,627ක තීරු බදු සහනයක් ද, දින 90 සිට දින 365ක් දක්වා ඩොලර් 2,650 ක සහනයක් හා දින 365 ට වැඩි නම් ඩොලර් 3,190ක සහනයක් හිමිව තිබේ.

එමෙන්ම වසරකට ඩොලර් 12,000ක් එවා ඇති පුද්ගලයින් “ගෝල්ඩ් ප්ලස්”කාණ්ඩයට අයත් යන අතර දින 90ක් සඳහා ඩොලර් 2,587ක තීරු බදු සහනයක්ද, දින 90 සිට දින 365 දක්වා ඩොලර් 3,025ක තීරු බදු සහනයක් ද දින 365ට වැඩි නම් ඩොලර් 4,150ක තීරු බදු සහනයක් ද හිමි වේ.

වසරකට ඩොලර් 24,000ක මුදලක් මෙරට පිළිගත් බැංකුවක් හරහා මෙරටට එවා ඇත්තනම් එවැනි පුද්ගලයින් හට දින 90ක් සඳහා ඩොලර් 4,685ක තීරු බදු සහනයක් ද, දින 90 සිට දින 365 දක්වා ඩොලර් 5,425ක තීරු බදු සහනයක් හා දින 365ට වැඩි නම් ඩොලර් 6,550ක තීරු බදු සහනයක් ද හිමිවේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »