අඛණ්ඩව 04 වන මාසයටත් ඔස්ටේ්‍රලියාව තුළ පොළී අනුපාත ඉහළ දමයි

අඛණ්ඩව 04 වන මාසයටත් ඔස්ටේ්‍රලියාව තුළ පොළී අනුපාත අද නැවතත් ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව Cash rate අගය ඒකක 50 කින් වැඩි කෙරුණු අතර එය මේ වනවිට පවතින්නේ සියයට 1.85 ක් ලෙසයි.

1990 වසරෙන් පසු අඛණ්ඩව මාස 04 කදී පොළී අනුපාත ඉහළ දැමුණු පළමු අවස්ථාවද මෙයයි.

ඩොලර් ලක්ෂ 05 ක ණයක් වසර 25 ක් ගෙවීමට ඉතිරිව පවතින අයෙකුට මේ යටතේ සිය මාසික වාරිකය ඩොලර් 140 කින් ඉහළ යනු ඇති.

පසුගිය මැයි මාසයේ සිට සැළකුවහොත් ඔහුට හෝ ඇයට මාසික වාරිකය ඩොලර් 472 කින් මෙි අනුව ඉහළගොස් තිබෙනවා.

දැනට ඩොලර් 750,000 ක උකසක් ගෙවන අයෙකුට මේ යටතේ මාසික වාරිකය ඩොලර් 211 කින් පමණ ඉහළයනු ඇති.

මැයි මාසයේ සිට බැලුවහොත් වාරිකයේ ඉහළයාම ඩොලර් 708 ක්.

වසර 06 කට පමණ පසු ඉහළම Cash rate අගය ලෙසද මෙය සටහන් වීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාව තුළ උද්ධමනය ඉහළයාම පාලනය කිරීමේ අරමුණ ඇතිවයි ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »