Search

බින් ලාඩන්ගෙන් පසු අල්-කයිඩා නායකයා ඝාතනය කෙරේ

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ලවූ අමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කර තිබෙනවා.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ පසුගිය ඉරිදා දිනයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

71 හැවිරිදි අල් කයිඩා නායකයා රැඳීිසිටි ආරක්ෂිත නිවසකට මිසයිල ප්‍රහාර 02 ක් එල්ල වී තිබුණා.

2011 වසරේදී එවක අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයත් සමගයි අයිමන් අල් සවාහිරි අල්කයිඩා නායකත්වයට පත්වූයේ.

ඔහු මේ දක්වා අමෙරිකාව විසින් අත්‍යවශ්‍ය කරන සැකකරුවන් ඝණයට නම් කර තිබුණා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »